Monday, May 2, 2011

සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරුය.
වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

ආනාපාන සති භාවනාව- Download කරගෙන කියවන්න...Easy as 1-2-3http://goo.gl/VSjLq
ඉත්ථි ධුත්තෝ
සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝනරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං

පරදාර කර්මය, සුරාධූතයෙක්වීම, අන්සතු වස්තු සූදුව නමැති කපටිකමින් ගැනීමට වෙහෙසීම ලබන සම්පත් විනාශ කර දැමීම පුද්ගල දිවි මගෙහි පරිහානි දොරටුය.
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුනු කය පොලවට දිරායතී
අපිට නොවේ බඹුටත් මරු ලඟා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමින් පව් සිදු කර ගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
ප්‍රාණඝාතයෙන් වහා වෙන්වෙව. ලොකයෙහි නුදුන්දෙය දුරුකරව. මත්පැන් බොන්නෙක් නොවෙව. බොරු නොකියව. ස්වකිය භාය්‍ර්‍යාව සමග සතුටු වෙව, නිරවද්‍යවු සැපවිපාකවු, ආය්‍ර්‍යවු මේ උත්තම අෂ්ටාංගයෙන් යුක්තවු උපොසථ ශීලයද සමාදන්වෙව.

ධම්ම පදය - චිත්ත වග්ගය

මේ සිරුර මෙලොව තුළ පවත්නේ සුළු කලකි. විඤ්ඤාණයෙන් සිරුර ඉවත් වූ තැනේ සිට මේ සිරුර වැඩක් නැති පණක් නැති දර කඩකි. දිරා යන මේ සිරුර පසට එක් වන්නේය.

අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං ව කලිංගරං

-පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතාව-

ධම්ම පදය - චිත්ත වග්ගය - ගාථාව 41

-ධම්ම පදය-

මිනිසකු වී උපදින පුද්ගලයා මිනිස් බවේ වටිනාකම වටහා ගත යුතුය. මිනිසත් බව ප‍්‍රයෝජනයට ගෙන ස්වකීය ආධ්‍යාත්මය ගොඩ නඟා ගන්නා පුද්ගලයා සතුටින් සැනසුමෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වී එසේ ම මිය පරලොව යන්නේ සුගතියෙහි උපදී.