Thursday, March 31, 2011

කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
හැඳින එ පව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන්දොර අවකා සේ

පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය


ධම්ම පදය - චිත්ත වග්ගය

දැකීමට ඉතා අමාරු වූ, ඉතා සියුම් වූ, කැමති තැනක වැටෙන්නා වූ සිත, නැණවතා රැකගත යුතුය. රක්නා ලද සිත සුව ගෙනදේ.

සුදුද්දසං සුනිපුණං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී
...චිත්තං ගුත්තං සුඛාවහං
- චිත්ත වග්ගය - ගාථාව 36

ධම්ම පදය

පමාවෙන් කල් නොයවව්. කාමයෙහි ඇලී යෙදී නොවසව්. නොපමාව ධ්යාන භාවනා කරන්නා මහත් සැපතට පැමිණේ.

මා පමාදමනුයුඤ්ජෙථ
මා කාමරති සන්ථවං
අප්පමත්තො හි ඣායන්තො
පප්පොති විපුලං සුඛං

-ධම්ම පදය-

ධම්ම පදය - චිත්ත වග්ගය

අස්ථිර වූ සිත් ඇති, බණ දහම් නොදන්නා වූ, සෙලවෙන සැදැහැවක් ඇත්තාගේ නුවණ නොපිරේ. නුවණ දියුණු වීමක් නොවේ.

අනවට්ඨිත චිත්තස්ස
සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස
......පඤ්ඤා න පරිපූරති

-චිත්තහත්ථ තෙරණුවෝ කතාව-

ධම්ම පදය - චිත්ත වග්ගය - ගාථාව 38

Tuesday, March 29, 2011

ලෝවැඩ සඟරාව

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
බණ නම් නිබොරුය මුනිවරයන් නේ
කය නම් නොතිරය අදහා ගන් නේ
පණ නම් තණ අග පිනිබිඳු වැන් නේ
පින නම් නොපමාවම කරගන් නේ

ලෝවැඩ සඟරාව


අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
(28 ලෝවැඩ සඟරාව)

ධම්ම පදය

මේ සිරුර බි‍ඳෙන මැටි බඳුනකට සමානය. එහෙත් “හිත” රැකවරණ ඇතිව රැක ගත යුතුය. මරු සමඟ සටනේදී නුවණ යෙදවිය යුතුය. නැවත සංසාරයට ‍නොආ යුතු වන්නේය.

කුම්භූපමං කාය මිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යොධෙථ මාරං පඤ්ඤාවුධෙන
ජිතංච රක්ඛෙ අනිවෙසනොසියා

-විදසුන් වැඩූ තෙරුන් වහන්සේලා 500 නමගේ කතාව--

ධම්ම පදය - චිත්ත වග්ගය - ගාථාව 40

ධම්මපදය

රාගයෙන් රත් නොවන, ද්වේශයෙන් නො කැළඹෙන සිතක් ඇති තැනැත්තා කිසි භයක් නැති කෙනෙකි. දිවා රෑ නිදි වරා භාවනාවන් කරන නැණැත්තෝ බියෙන් තොර දිවියක් ගෙවන්නෝ ය.

අනවස්සුත චිත්තස්ස
අනන්වාහතචේතසො,
පුඤ්ඤපාප පහීනස්ස
...නත්ථි ජාගරතො භයං

-චිත්තහත්ථ තෙරණුවෝ කතාව-

ධම්ම
පදය  - චිත්ත වග්ගය - ගාථාව 39