Monday, May 2, 2011

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුනු කය පොලවට දිරායතී
අපිට නොවේ බඹුටත් මරු ලඟා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමින් පව් සිදු කර ගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

No comments:

Post a Comment